Tagged පශ්චාත් නූතනවාදය

‘ශ්‍රේෂ්ඨතම පොත් 50′ මළගිය සුදු පිරිමින් ගේ ‘අකාලික සම්භාව්‍ය කෘතීන්’ ද?

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විවාදය – 4 Globe and Mail ප්‍රකාශයට පත්කළ පොත් නාමාවලියට මේ වනවිට පහත සඳහන් පොත් ද එකතු වී තිබේ. Kafka ගේ The Complete Stories The King James Bible Newton ගේ Principia Mathematica W.B. Yeats ගේ The Collected Poems (එකතු කළ කවි) Globe and Mail පුවත්පතේ ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ විශේෂාංගය ඇරඹුණේ 2008 ජනවාරි 05 වැනිදා ය. ඒ පිළිබඳ මුල් ප්‍රකාශයට ලැබුණු පාඨක ප්‍රතිචාර සංඛ්‍යාව 32 ක් වීය. මේ පිළිබඳ දෙවැනි ලිපිය එම පුවත්පතේ පළවන්නේ ජනවාරි 10 වැනිදාය. එතැන් සිට මේ දක්වා අළුතින් ලැබුණු පාඨක ප්‍රතිචාර මුළු සංඛ්‍යාව 500 කට අධික‍ය. ඒ, එක් එක් පොත පිළිබඳ…

අප සාහිත්‍යයට කැමැති මන්ද? ‘හොඳම දේ’ තේරීම අවරසික පිළිවෙතක්ද?

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විවාදය – 3 මෙම ලිපිය කැනඩාවේ Globe and Mail නමැති ජාතික පුවත්පත පළකරන ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ විශේෂාංගය ඇසුරෙන් අප පළකරන්නට අදහස් කරන ලිපි මාලාවෙහි තෙවැනි ලිපිය යි. මෙම පොත් 50 තේරීමේ යෝජනාවට එම පුවත්පතේ විද්‍යුත් සංස්කරණයට පාඨකයන් පළමු වටයේදී ඉදිරිපත් කළ විවිධ අදහස් වලින් වැදගත් යැයි හැ‍ගෙන ඒවා කිහිපයක් පමණක් සංස්කරණය කොට පහත ඉදිරිපත් කරමු. මාටින් ලෙවින් ගේ ඇරයුම මත ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ තේරීමේ තිබිය හැකි ගැටළු ගැන මත පළ කරමින්, ප්‍රබන්ධ, ප්‍රබන්ධ නොවන, නාමාවලි සපයමින්, අනෙක් පාඨකයන් තමන් ගේ ප්‍රියතම කෘතීන් පිළිබඳ අදහස් පළකරන්නට, ලියන්නට දිරිගන්වමින් කැනඩාවෙන්, එහි විවිධ ප්‍රාන්ත රාජ්‍යයන්ගෙන් සහ…

සාහිත්‍යයට ප්‍රමිතීන් පිහිටුවා ලීමට ගන්නා උත්සාහය ‘බූර්ෂුවා’ ද? : විශදභාවයන්ට (distinctions) එරෙහි පශ්චාත් නූතනවාදය

මෙම ලිපිය කැනඩාවේ Globe and Mail නමැති ජාතික පුවත්පත පළකරන ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ විශේෂාංගය ඇසුරෙන් අප පළකරන්නට අදහස් කරන ලිපි මාලාවෙහි දෙවැනි ලිපිය යි. අපගේ පළමු ලිපියට අප දිරිගන්වන සුළු ප්‍රතිචාර ලැබී තිබේ. අපට උපකාර කිරීමට, පරිවර්තනයෙහි ලා දක්ෂකම් දක්වන කිහිප දෙනෙකුම දැනටමත් ඉදිරිපත් වී සිටිති. අද අප පළකරන ලිපිය, Globe and Mail පුවත්පතේ මෙම විශේෂාංගය සංස්කරණය කරන, එම පුවත්පතේ පොත්-පත් විශේෂාංගයේ සංස්කාරක මාටින් ලෙවින්, ‘ශ්‍රේෂ්ඨතම පොත් 50’ තේරීම පිළිබඳ අදහස හා සබැඳි ක්‍රියාවලිය සහ ඒ ආශ්‍රිත ගැටළු, පිළිබඳ කරන සාකච්ඡාවකින් සංක්ෂිප්තව සකස් කරගත් එකකි. දෙවනුව, මෙම පොත් 50 තේරීමේ යෝජනාවට එම පුවත්පතේ විද්‍යුත් සංස්කරණයට පාඨකයන් ඉදිරිපත් කළ විවිධ…