මහාචාර්ය ඩී. පී. එම්. වීරක්කොඩි විද්වතාණන්ගේ නික්ම යාම
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයනාංශයේ බටහිර සම්භාව්‍ය සාහිත්‍යය පිළිබඳ සම්මානිත මහාචාර්ය ඩී. පී. එම්. වීරක්කොඩි විද්වතාණන් ගේ අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය මෙසේ සටහන් කොට තබමු.
මහාචාර්ය වීරක්කොඩි බටහිර සම්භාව්‍ය සාහිත්‍ය යේ වැදගත්ම කෘති ගණනාවක් මුල් ග්‍රීක බසින් සිංහලට පරිවර්තනය කොට පළ කළේය. ඒවා අතර ප්ලේටෝ ගේ ෆීඩෝ, සහ ජනරජය ප්‍රධාන තැනක් ගනී.
මහාචාර්ය වීරක්කොඩිගේ ශාස්ත්‍රාලීය සේවාව පිළිබඳ තොරතුරු සඳහා මෙහි බලන්න.
ජනරජය පරිවර්තනය පළ කිරීමට ඉදිරිපත්වීම පිළිබඳ සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට අපගේ කෘතඥතාව පළකළ යුතු අතර එම පළමු මුද්‍රණය මුද්‍රණ දෝශ වලින් ගහණ හෙයින් මහාචාර්ය වීරක්කොඩිට ගේ ශාස්ත්‍රීය මෙහෙවරට කරන ගෞරවයක් ලෙස සළකා ජනරජය කෘතියේ මුද්‍රණ දෝශ නිවැරදි කළ මුද්‍රණයක් එළිදැක්වීමට සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට යෝජනා කරමු.
‘කතිකා‘ අධ්‍යයන කවය
මහාචාර්ය වීරක්කොඩි ගේ ඡායාරූපය: කල්ප රාජපක්ෂ ට කෘතඥතාව.
බලන්න, ජනරජය