මග හොඳට තිබේ නම් යන්ට පාරත් පෙනේ නම්…. – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු
ජාතික ආරක්ෂාව හා ස්ථාවරත්වය රැකීම සඳහා අධිකාරීවාදි ඒකාධිපතියෙකු අවශ්‍ය බව දැන් එළි පිටම පවසනු ලැබේ. කුලියට ගත් කලාකරුවන් හා බුද්ධිිමතුන් යනුවෙන් හඳුන්වනු ලබන ගැත්තන් ලවා ඒ සඳහා න්‍යායන් ද ඉදිරිපත් කරවනු ලැබේ. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ වර්තමාන විධායක ජනාධිපතිවරයා ඒකාධිපතියෙකු බව ඔවුන්ම පිළිගන්නා අතර එම ඒකාධිපතිභාවයෙන් අල්පයක් වත් අත්හැරීමට ඔවුන් සූදානම් නැති බවය. එහෙත් මෙරට ජනතාවට තවදුරටත් ඒකාධිපතියෙකු අවශ්‍ය නැත.
අනෙක් අතට වර්තමානයේ මේ රටේ ස්ථාවරත්වයක් ඇතැයි හා එය සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයකැයි යන මතය ද මිථ්‍යාවක් බව ද සිහි බුද්ධියක් ඇති ජනතාව දනී.මේ රට ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද මෙතරම් අවදානමට හා අපතීර්තියට පත් වූ අවධියක් මින් පෙර නොතිබිණි. ඒකාධිපතිවාදය යනු විවිට අදහස් හා නිදහස මර්ධනය සඳහා යෙදා ගනු ලබන දුර්වල අවියකි. එයින් වාසි ලබන්නේ සමාජයේ දූෂිතම කොටස් හා පාදඩ පංතියයි. අද මෙරට ඇත්තේ එබඳු තත්වයක් මිස ස්ථාවරත්වයක් නොවේ.
පවතින අධිකාරීවාදී, දූෂිත පාලනයට එරෙහිව රටේ විට කොටස් සන්ධාන ගත වන විට ඔවුන් එය හඳුන්වන්නේ අච්චාරුවක් ලෙසිනි. විවිධ දේශපාලන අදහස් දරන, විවිධ ජාති හා ආගම්වලට අයත් පිරිස් ප්රජාතන්ත්රවාදය සඳහා ඇති වුවමනාව නමැති ශක්තිමත් පදනම මත ඒකරාශී වීමට එරෙහිව නැගෙමින් පැවති අවලාද අවලංතු කොට දැමූ අලූත්ම සිද්ධිය ද්‍රවිඩ ජනතා පෙරමුණ හා මුස්ලිම් කොංග්‍රසය ද කොන්දේසි විරහිතව එම සන්ධානයට එක් වීමයි. ඔවුන් එම තීරණය ගත්තේ විපක්ෂ සන්ධානයේ අනභිභවනීය ශක්තිය අවබෝධ වීම නිසාය. එම සන්ධානයට මෙරට ප්රජාතන්ත්රවාදය හා සමාජ සාධාරණය යළි පිහිටු වීම සඳහා ඇති ශක්‍යතාවය පිලිබඳව නිසැක නිසාය. විපක්ෂ සන්ධානයේ හරය වන විධත්වය මත පදනම් වූ ඒකීයභාවයට එරෙහි රජයේ හා එහි ගැත්තන්ගේ අවලාද මේ වන විට මෙසේ අවලංගු කාසියක් බවට පත්ව ඇත.
අද විපක්ෂ සන්ධානයට නායකත්වය දීම සඳහා ඒ කාර්යයට ඉතාමත්ම සුදුසු පුද්ගලයා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම මහලේකම්වයරයා වූ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් වි සිටී. මේ රටේ මේ වන විට පවතින රජයේ දුර්දාන්ත පාලනයෙන් රට ගලවා ගැනීමට අවශ්‍ය හැම සුදුසුකමක්ම ඔහු සතුව ඇත. ඔහු අවංකය, නිරහංකාරය, මමත්වයෙන් තොරය. ඥාති සංග්‍රහයෙන් දූෂිත නැත. හැම අතකින්ම වර්තමාන පාලකයාගේ සිලූ දුර්වලතාවයන්ගෙන් තොරය.
එමෙන්ම ඔහු වර්තමානයේ මෙරටට වින කරන සියලූ හේතූන්ට උල්පත වූ පවතින ආණ්ඩුක්‍රම වෘවස්ථාව වෙනස් කිරිමට ශපථ කොට ඇත.
එමෙන්ම මෙරට සියලූ ප්රජාතන්ත්රවාදී, සාමකාමී ජනකොටස්වල සහාය ඔහුට ලැබේ. දිනෙන් දින ඔහුට ලැබෙන ජනතා සහාය වැඩෙමින් පවතී. සාධාරණ ජනපතිවරණයක් පැවැත්වුවහොත් ඔහු මෙරට ජනාධිපතිධුරයට පත් වීම ද කිසිවකුටත් වැලැක් විය නොහැකිය.
එබැවින් අද අවශ්‍යතාවය වී ඇත්තේ එවැනි නව නායකයෙකුහට ජනතා අපේක්ෂාවන් ඉටු කොට දීම සඳහා අවශ්‍ය පරිසරය සුදානම් කිරිමය. එය ඔහු වටා සන්ධාන ගත වී සිටින දේශපාලන හා සිවිල් සංවිධානවල මෙන්ම ඔහු කෙරෙහි බලාපොරොත්තු තබාගෙන සිටින මහජනතාවගේ ද කාර්යය විය යුතුය.
ඉහළින් එන අණ පිළිපැදිම හැර අන් කිසිවක් කිරිමට නොහැකි තත්වයක් දශකයක් පමණ පැවති රටක මේ කාර්යය පහසුවෙන් කළ හැක්කක් නොවේ. සෑම පුද්ගලික වුවමනාවක්ම ඉටු කොට ගැනීමට දේශපාලන අනුග්‍රහය පැතීමට සිදු වූ තත්වයක සිට සුදුසුකම් මත පමණක් සියල්ල ඉටුකරනු ලැබීම දරා සිටීම සමහර දෙනෙකුට අපහසු වනු ඇත. මෙය පවතින අසාධාරණ පරිසරය වෙනස් කිරිම සඳහා අවස්ථාවක් මිස ඉහළින් සිටින්නන් හා අනුග්‍රහය ලබන පිරිස වෙනස් කොට ගැනීමේ ප්රයත්නයක් නොවිය යුතුය.
එසේම මෙම වෙනස සැබෑ වෙනසක් බවට පත් කොට ගැනිමේ දී මාධ්‍යයේ වගකීම අතිශයින් වැදගත්ය. මාධ්‍යයට නිදහස්ව මෙන්ම වගකීමෙන් යුතුව ක්‍රියා කිරිමේ පරිසරයක් බිහි කොට දීම නව පාලනයේ යුතුකම විය යුතු අතර තම කාර්යභාරය නිවැරදිව හා පුද්ලගාභිවාදනයෙන් හෝ පක්ෂපාතීත්වයෙන් තොරව ඉටු කිරීමට අපට හැකි විය යුතුය.
යන්නට පාරක් තිබේ. එය හඳුනා ගැනීමට හා බැදිවල නොගොස් නිසිමග යාමට ශක්තියක් මෙන්ම අධිෂ්ඨානයක් ද අවශ්‍යය.
කතුවැකිය
2015 ජනවාරි 04 වන ඉරිදා
ඉදිරිය පුවත් පතෙනි.