විශේෂාංග ලිපිය

අප මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට යුද්ධය අවසන් වී නොතිබුණි. යුද්ධයෙන් පසු තත්ත්වය සැලකිල්ලට ගන්නේ නම්, මෙහි එන ඇතැම් අදහස් වෙනස් අයුරකින් ලියැවෙන්නට ඉඩ තිබුණි.
2005 ජනාධිපතිවරණය ආසන්නයේ “කතිකා” අධ්‍යයන කවය නිකුත් කළ ප්‍රකාශයක එම මැතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තනය අතර අධිපතිභාවය සඳහා කෙරෙන තීරණාත්මක සටනක් ලෙස හැඳින්වූ අපි, මෙම සටන හුදු කතිකාවන් දෙකක් අතර පමණක් නොව, ජීවන ආකාරයන් දෙකක් අතරද, ඒනිසා එම කතිකාවන් මත පදනම් වූ විශ්වාස පද්ධතීන් දෙකක් අතර ද සටනක් වන්නේ යැයි කියා සිටියෙමු.
Uncategorized
මාර්ටින් හෛඩැගර්: දර්ශනයේ අවසානය
දිමුතු සමන් වෙත්තසිංහ
1
අප ගත කරන නූතන ජීවිතය මුහුණ පා සිටින ව්‍යාධීන් හමුවේ සම්පාදනය කෙරෙන සංකල්ප ගත කිරීම්, විවේචන පිළිබඳ කෙරෙන ප්‍රත්‍යාවලෝකනයක් හුදෙක් ශාස්ත්‍රාලීය ශික්ෂණ මාර්ගයකට අනුබද්ධ වියුක්ත ව්‍යායාමයක්, එනම් ඊනියා සමාජීය විද්‍යාවන්ගේ සහ එහි විශේෂඥයන්ගේ කටයුත්තක් නැතහොත් දෘෂ්ටිවාදීමය අරුතකින් දාර්ශනික ප්‍රවේශයක් වශයෙන් නොසළකනතාක් දුරට ප්‍රායෝගික සහ දේශපාලන අරුතක් මතුකර ගතහැකි වැඩබිමක් බවට පත්කර ගත හැකි බව විශ්වාස කරමින් මෙම ලිපි පෙළ ඇරඹීමට කැමැත්තෙමි.
උක්ත අරුතින් විවිධ දාර්ශනිකයන්, චින්තකයන් පිළිබඳ දාර්ශනික චරිතාපදානයක් ගෙනහැර පෑම මෙමගින් අරමුණු කෙරේ. ඒ කවර කලෙකවත් දර්ශනවාදය පිළිබද උපකාරක පන්ති ව්‍යාපෘතියක් ඇරඹීමට නම් නොවේ. ඒ වනාහි මානව චින්තනයෙන් සහ පැවැත්මෙන් නිරූපණය වන්නේ සත්තාව පිළිබද මිනිසාගේ අවබෝධයය යන හෛඩැගර්ගේ ප්‍රකාශය පිළිබද විශ්වාසයෙනි. ‘දර්ශනය යනු ලෝකය තුළ අපගේ ඉඳීමේ ආකාරය පිළිබඳව අවබෝධයයි.’ (Philosophy is the understanding of the way of our being in the world. ). දාර්ශනිකයන්ගේ සංකල්ප සමාජීය ගැටලු අවලෝකනය තුළින් සාකච්ඡා කිරීම අරුත් සුන්වී ගිය නූතන ජීවිතයට ආලෝකය බිඳක් ගෙන ආ හැකි අවස්ථාවක් බවට යුක්ති යුක්තකරණයක් ගෙනහැර පාමින් මෙම කාර්යය අරඹනු කැමැත්තෙමි. තවද, අරුත් සුන්වී දරදඬු වී ගිය සංකල්ප නැවත අරුතින් පුරවා ලීම දේශපාලන කාර්යයක වැදගත්කම ගන්නා බව රෝයි ටර්නර් විසින් දක්වනු ලැබීම මෙහි ලා සිහිපත් කිරීම අදාලය. එබැවින් අපගේ ප්‍රත්‍යාවලෝකනය විවාධයට තුඩුදුන් එහෙත් වචනයේ පරිසමාප්ත අරුතින්ම දාර්ශනිකයකු වන මාර්ටින් හෛඩැගර්ගෙන් පටන්ගමු.
අනන්‍යතාව

පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ
යුද්ධය අවසන් ය. නමුත් අනන්‍යතාව පිළිබඳ කතාබහ නූතනත්වය තුළ දිගටම පවතිනු ඇත.
කැනඩාව ප්‍රංශ සහ ඉංග්‍රීසි කතා කරන වශයෙන් වෙන්ව හඳුනා ගැනෙන ප්‍රධාන ජනකොටස් දෙකකින් සැදුණු ලෙස සළකමින් මෙම ජන දෙකොටස අතර සබඳතා ත්, කැනඩාවට හැම අතින්ම ඉමහත් බලපෑම් කරන බලවත් ඇමෙරිකාව කැනඩාවේ අසල්වැසියා වීමත් මතුකරන දේශපාලන ගැටළු හමුවේ කැනේඩියානු අනන්‍යතාව රැකගැනීම පිළිබඳ නිමානොවන විවාදයක් කැනේඩියානු සමාජයේ පැවත විත් ඇත.
පහත පරිවර්තනයෙන් පළවන ලිපිය ලියන රෝයි ටර්නර් ගේ මතය සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ කරුණ වටහා ගන්නට නම් අප නූතනත්වය තේරුම් ගත යුතු බවයි.
මෙම ලිපිය මුලින් පළවූයේ 1991 දී Dianoia සඟරාවේ ය. අමෙරිකාවේ බර්ක්ලි හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලැබූ බ්‍රිතාන්‍ය ජාතික රෝයි ටර්නර් දිගුකලක් කැනඩාවේ බ්‍රිටිෂ් කොළම්බියා විශ්ව විද්‍යාලයේ සහ යෝක් විශ්ව විද්‍යාලයේ සමාජ න්‍යාය ඉගැන්වූයේය. ඔහු Ethnomethodolgy කෘතියේ සංස්කාරකවරයාය.
පහත පළවන්නේ රෝයි ටර්නර් ගේ ලිපියේ පළමු කොටස යි.
පහත පළවන්නේපළමුවරට විභාෂා පරිවර්තන පාඨමාලාව වෙනුවෙන් දිමුතු සමන් වෙත්තසිංහ කළ පරිවර්තනයෙහි වැඩිදුර සංස්කරණය කළ පිටපතකි .